අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Bill Crowder

බිල් ක්‍රවුඩර්

බිල් ක්‍රවුඩර් අපගේ දිනපතා භෝජනය සේවය සමග හවුල් වන්නේ වසර 20ට වැඩි කලක් දේවගැති සේවයේ නිරතවීමෙන් අනතුරුවය. බිල් ක්‍රවුඩර්, මාර්ට් ඩි හාන් සමග සමීපව වැඩ කරනු ලබන්නේ ඉගැන්වීම් අංශයේ උප සභාපතිවරයා ලෙසය. ඊට අමතරව බිල් ඔහුගේ බොහෝ කාලයක් වැය කරන්නේ ලොව වටා සිටින කිතුනු නායකයින් හට බයිබලය ඉගැන්වීමේ සේවයේ යෙදීමටය. ඔහු ඩිස්කවරි දැණුම පොත් පෙළට බොහෝ පොත් රචනා කර ඇති අතර ඩිස්කවරි හවුස් මගින් පොත් කීපයක් ප්‍රකාශයට පත් කර ද ඇත. බිල් සහ ඔහුගේ භාර්යාව මැර්ලීන් හට දරුවන් පස් දෙනෙකු සිටින අතර දරු මුනුපුරන් කීපදෙනෙකුද සිටින බව ඔබට පැවසීමට ඉතා උද්යෝගී වෙයි.

බිල් ක්‍රවුඩර් විසින් රචිත ලිපි

බලාපොරොත්තුවේ රැළ

එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකුවූ රොබට් කෙනඩි 1966දී දකුණු අප‍්‍රිකාවට වැදගත් සංචාරයක් කළේය. කේප්ටවුන් විශ්ව විද්‍යාලයේ ඔහු කළ සුප‍්‍රසිද්ධ "බලාපොරොත්තුවේ රැළි" නැමැති දේශනයේදී ඔහු වර්ණ වාදයට විරුද්ධවූවන්ට බලාපොරොත්තුවේ වචනයක් දුන්නේය. එම කථාවේදී ඔහු මෙසේ ප‍්‍රකාශ කළේය, "සෑම මතවාදයක් වෙනුවෙන් මිනිසෙකු නැගී සිටින, නැත්නම් අන් අයගේ තත්ත්වය දියුණු කිරීමේ ක‍්‍රියාවකට හෝ අසාධාරණත්වයට පහර දෙන සෑම විටම ඔහු බලාපොරොත්තුවේ කුඩා රැල්ලක් නික්මවයි. ශක්තියේ සහ…

සමීපව සිටීම

මගේ සහෝදරිය වන කැරොල්ට පිළිකාවක් ඇතැයි සොයාගනු ලැබූ විට අපේ පවුල කණස්සල්ලට පත් විණ. එම රෝගයට අයත්වන ශල්‍යකර්ම සහ ප‍්‍රතිකාර, ඇයගේ ජීවිතය ගැන බියක් අපට ගෙනාවේය. අපේ පවුල ඇය වෙනුවෙන් යාච්ඤා කළෙමු. කැරොල් ගැන වාර්තා අපට ඇති අභියෝග පෙන්වීය. ඇයට කළ ප‍්‍රතිකර්ම සහ ශල්‍යකර්ම සාර්ථක බව සඳහන් වාර්තාව ලැබුණු විට අපි ඉතා සතුටු වීමු. කැරොල් සුවයේ මාර්ගයට අවතීර්ණවී සිටියාය.

එහෙත්…

අත වනන ගැහැණු ළමයා

18වන සියවසේ අගභාගයේත් 19වන සියවසේ මුල් කාලයේත් ජෝර්ජියාවේ සැවන්නා වරායට පැමිණි නැව්වලට සුපුරුදු දර්ශනයක්වූයේ ෆොලොරන්ස් මාර්ටස්, "අත වනන ගැහැණු ළමයා"ය. වසර 44ක් දහවල් කාලයේ ලේන්සුවක් වනමින්ද රාත‍්‍රි කාලයෙහි ලම්පුවක ආධාරයෙන්ද ඇය ලොව වටා සිට එන සියලු නැව් පිළිගත්තාය. අද ෆොලොරන්ස් සහ ඇයගේ විශ්වාසවන්ත බල්ලාගේ පිළිරුවක් සැවන්නාහි මොරල් උද්‍යානයේ ස්ථීරව සිට එන්නාවූ නැව් පිළිගනී.

උණුසුම් පිළිගැනීමක යම් පිළිගන්නා සුළු ස්වභාවයක් තිබේ.…

අනාවැකි කිව නොහැකි

2003, එක්සත් ජනපද විවෘත ගොල්ෆ් තරඟයකදී වැඩි ප‍්‍රසිද්ධියක් නොඉසිලූ හිලරි ලුන්ක්, කාන්තා ගොල්ෆ් තරඟ සඳහා වන විශාලම මුදල් ත්‍යාගයද ඉතිහාසයේ ස්ථානයක්ද දිනාගත්තාය. ඇය එක්සත් ජනපද විවෘත තරඟය කුහර 18කින් ජයගත්තා පමණක් නොව එය ඇයගේ එකම වෘත්තීමය ජයග‍්‍රහණය ද විය. ඇයගේ විස්මය ජනක සහ උත්තේජනාත්මක ජයග‍්‍රහණය පැහැදිලි කරන්න ක‍්‍රීඩාවේ ඇති වඩාත් මනහර කාරණය නම් එහි ඇති අනාවැකි කිව නොහැකි තත්ත්වයයි.

ජීවිතයේ…

උන්වහන්සේ මා සොයාගත්සේක

විස්මිත අනුග‍්‍රහය නැමති චිත‍්‍රපටයට පදනම වැටුනේ 1700 ගණන් වල අග භාගයේය. එය විලියම් විල්බර්ෆෝස් නැමති දේශපාලනඥයෙකු ගැනය. ඔහු ක‍්‍රිස්තුස්වහන්සේ තුළ තැබූ ඇදහිල්ල නිසා එංගලන්තයේ වහල් සේවය නැති කිරීම පිණිස තම මුදල් සහ ශක්තිය වැය කළේය. දිනක් ඔහුගේ මෙහෙකරුවා ඔහු යාච්ඤා කරනවා දිටීය. "මහත්මයා ඔබ දෙවියන්වහන්සේ සොයාගත්තාද?" කියා ඔහු විල්බර්ෆෝස්ගෙන් ඇසීය. විල්බර්ෆෝස් ප‍්‍රතිචාර දැක්වීය. "මම හිතන්නේ උන්වහන්සේ මාව සොයාගත්තා."

බයිබලය මනුෂ්‍ය…

දුන් නමක්

බොහෝ පවුල් සතුව පවුල පිළිබඳ කථා ඇත. අපගේ පවුල පිළිබඳ කථාවකින් මගේ නම ලැබුණු ආකාරය කියවේ. මගේ දෙමව්පියන්ගේ විවාහයේ මුල් කාලයේදී ඔවුන්ගේ පළමු පුත‍්‍රයාට දමන නම පිළිබඳව එකඟතාවක් නොවීය. මවට පියාගේ නම පුත‍්‍රයාට දැමීමට උවමනා විය. එහෙත් පියා "ජූනියර්" ලෙස තම පුතු ඇමතීමට එතරම් කැමැත්තක් නොදැක්වීය. බොහෝ සාකච්ඡා වලින් පසු ඔවුන් තීරණය කළේ පියාගේ උපන් දිනයේදී පුතෙකු ඉපදුනහොත් පමණක් ඔහුට…

අන්ධකාරය සහ ආලෝකය

මා ළමාකල නිවාස 140කට පමණ පුවත්පත් බෙදුවෙමි. එම නිවාස දෙක තිබූ මාර්ග දෙක සන්ධිවී තිබුණේ මිනී පිට්ටනියකිනි. මම උදෑසන පත්තරය බෙදූ නිසා පාන්දර 3ට පාරට බැස්සෙමි. අඳුරේම එම මිනී පිට්ටනිය මැදින් යන විට විශාල බියක් ඇතිවූ බැවින් මම ඉක්මනින් දිව්වෙමි. අනිත් පැත්තේ විදුලි කණුවක් යටට දුවන තෙක් මම භීතියෙන් සිටියෙමි. බියජනක අඳුර ආලෝකයෙන් දුරුවිය.

ගීතිකාකරුට බිය සහ අඳුර අතර සබඳතාව අවබෝධ…

පේ‍්‍රමවන්ත පියෙකු

පේ‍්‍රමවන්ත පියෙකු දඟකාර පෙරපාසැල් දරුවන් දෙදෙනා ගුවන් තොටුපොළ වලින්ද ගුවන්යානා වලින්ද ඇදගෙන යාමෙන් මව්පියන් වෙහෙසවී ඇති බව පැහැදිලිව පෙණිනි. දැන් ඔවුන්ගේ අවසන් ගුවන් යානය ප‍්‍රමාද වී තිබිණි. ගුවන් යානයට නැගීමට සෙනඟ වාඩිවී සිටින කොටසේ දරුවෝ එහේ මෙහේ දුවමින් සිටියෝය. මවත් පියාත් ග‍්‍රෑන්ඩ් රැපිඩ්ස් දක්වා වූ අවසන් ගමනේදී දරුවන් නිශ්චලව තබා ගන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි. සෑහෙන වේලාවකට පසු අපි ගුවන්…

සිතාගැනීමට නොහැකි

ෆැනී කෙම්බල් 1800 ගණන්වල මුල්කාලයෙහි ඇමරිකාවට පැමිණි බි‍්‍රතාන්‍ය නිළියකි. ඇය දකුණේ ඉඩම් හිමි ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ විය. ඔහුගේ නම පියර්ස් බට්ලර්ය. වතුපිටිවලින් ලැබුණු ආදායමෙන් ෆැනී මුලදී තෘප්තිමත් වූවාය. එහෙත් එම සුඛවිහරණ ලැබෙන ආකාරය එනම් ඇයගේ ස්වාමිපුරුෂයාගේ වතුවල සේවය කළ වහලූන් විඳි දුක් ගැහැට දැක ඇය වෙනස් විය.

වහලූන් බොහෝ විට විඳි කෲර අත්දැකීම් ගැන ඇය ලිපි පළ කළාය. කෙම්බල් ටික…

අන්ධකාරයෙහි ආලෝකය

පේරු දේශයට ගිය සංචාරයකදී එම කඳුවලින් පිරී රටෙහිදී හමුවන එක් ගල් ගුහාවක් නැරඹීමට මම ගියෙමි. අපගේ මඟපෙන්වන්නා අපට කීවේ මෙම ගල්ගුහාවේ සැතපුම් 9ක් දැනටම ගවේෂණයට ලක්ව ඇති බවය. එය ඊටත් වඩා ගැඹුරු බව ඔහු පැවසුවේය. අපි මවිතය ගෙන දෙන වව්ලන් වර්ගද, රාත‍්‍රී පක්ෂීන්ද මනහර ලෙස සැකසුණු ස්වභාවික ගල් කලා නිර්මාණද දුටුවෙමු. වැඩි වේලාවක් යාමට පෙර ගුහාවේ අඳුර දරාගැනීමට නොහැකි විය.…